පිපාසිත හදක පවස නිවනා
සිහිල් දිය දහරයි.. ඔබ..
දිය බිඳක් නොමැති කතරට වැටෙනා
සිහින් පොද වැස්සයි.. ඔබ..
විඩාබර සිතක් පහන් කරනා
සුමුදු හසකැනයි.. ඔබ..
නොනිමි වූ කවියකට පබදින
අවසාන පදයයි.. ඔබ..
අළුයමේ මිහිමතට වැටෙනා
ප්රථම අරුණැලියි.. ඔබ..
නිමක් නොපෙනෙනා රෑ අහසේ ඇති
එකම සඳවතයි.. ඔබ..
රෝසමල් යායකම පීදෙනා
එකම පිපි කුසුමයි.. ඔබ..
අරමුණක් නොමැති මා දිවියේ ඇති
එකම අරමුණයි.. ඔබ..
පෝස්ට් එක කොහොමද ?
//අරමුණක් නොමැති මා දිවියේ ඇති
ReplyDeleteඑකම අරමුණයි.. ඔබ..//
හරිම ලස්සනයි සහෝ!!! අපූරු නිර්මාණයක්..
mata hitena 1 ubatath hitune komada ban..:p
ReplyDeleteකවුද මේ "ඔබ" කියන්නේ? :P
ReplyDelete@හිතුවක්කාරී - ස්තූතියි :)
ReplyDelete@ggggg - නම දැම්මා නම් තවත් හොඳයි :P
ReplyDelete@සුපුනි - එයා තමයි මෙයා.. ;)
ReplyDelete