Pages

Thursday, October 20, 2011

සුරඟන සිහිනය


දකින නෙත් පැහැරගත් රූපයෙන් වූ..
දුටිමි රූ බර ලදක් ඇසිපියන් ලූ..
මිහිමතේ නෑ රුවක් ඇය තරම් වූ..
ඒ ලෙසින් කුළුදුලේ මා පෙමින් ලූ..

කේශයන් දෙදණ තෙක් දික්වුනා වූ..
නිල් නෙතුත් දකින නෙත් සිරකරා වූ..
රත් පැහැ තොල් පිරෙයි හසකැනින් ලූ..
සිහි කලේ වීනසුන් දෙවිරදුන් ලූ..

පිරුනු ලැම තන්පටින් සැරසුනා වූ..
සිහිනිඟත් සේදයෙන් ගැවසුනාවූ..
මල් පබා පරදනා ලැසි ගමන් ලූ..
ඇගෙ රුවින් මත්ව මා හිටිවනින් ලූ..


පසු නොබා හනික මා පසු පසින් ලූ..
නොහැක ඈ ලංව බස් හිත බයයි ලූ..
කිම කරම් සිත සිතා යන ගමන් ලූ..
මල් පිපේ ඈ හැරී මද හසක් ලූ..

ක්ෂණිකයෙන් ඈ කෙරේ ලං වුනා වූ..
සිත් තුල වූ වදන් හෙලි කරා ලූ..
ඇගෙ නෙතින් ලූ බැලුම් ඉඟි කරා වූ..
ආලයෙන් මා සිතත් මට නැහැයි ලූ ..

සල් ගසක් යටට වී පෙම් වදන් ලූ..
කෝඩු හිත් ආලයෙන් සැරසුනා ලූ..
කියු ලෙසින් සක් දෙවුන් ඇගෙ පියා ලූ..
කාටුනේ ලෙසට මා උඩ ගියා ලූ..

ඇගෙ වදන් සත්‍ය යැයි මට හැඟේ ලූ..
ක්ෂණිකයෙන් සක් රජුන් ඉදිරියේ ලූ..
ඔහුගේ වූ කෝප නෙත් දුටුවනින් ලූ..
වෙවුලනා මගෙ දෙපා බිම වැදේ ලූ..

පැමිණි දෙවු පිරිස මා වට කරා ලූ..
අතපයේ යදම් ලා බැද දමා ලූ..
ඔසවා මා සිවුපසින් කැරකුවා ලූ..
දෙවු ලොවින් බිමට මා විසිකලා ලූ..

මහ හඩින් ශබ්දයක් මට ඇසේලූ..
උඩ බැලිම් පෙති තුනයි , වහලයයි ලූ..
ඇඳ පොලූ දෙක තුනක් බිම තියේලූ..
පෙම් වදන් කල පුළුන් තව කටේ ලූ..

සිදුවු දේ සිතෙ නැගී මට සිනා ලූ..
සිහිනයෙන් පෙම් කෙරුම් සිහි උනා ලූ..
සක් දුවන් සමග පෙම් නම් එපා ලූ..
යැයි සිතා අවදි වී කවි ලියයි ලූ..

__________________________________________________________________

පෝස්ට් එක කොහොමද ?



4 comments:

  1. හී..හී.. ලස්සනයි මේක..
    අන්තිම ටික ගොඩක් හොදයි.. :)

    ReplyDelete
  2. නියම කවි සෙට් එක !!!
    කතාවේ හොදම හරිය තියෙන්නේ අන්තීමට !!!

    ReplyDelete
  3. @දිව්‍යා-ස්තුතියි.. :)
    @ධරණ-එලාස් ;)
    @මධුරංග-ස්තූතියි මචං .. :)

    ReplyDelete

ඔයාට මේක ගැන මොනවද හිතුනේ කියලා වෙලා තියෙනව නම් ලියලා යන්න.. :)