Pages

Tuesday, December 27, 2011

මොහොතක අරුමය



දිනෙන දින මඩනා ..
හදේ සිතුවිලි ...
වියැකී යන..
එවන් මොහොතක..

පුරා මේ කල..
නොදුටු ඔබ රුව.
මනසේ ඇදී.....
මැකේ විගසින්...

යලිදු සිහියට..
නැගෙන විට ඔබ...
මගේ දෙනයන.
වැසී අවසන....

එනමුදු එය..
සදාකල් නොව..
මෙමා පිබිදෙන..
නිමේශයකට පමණි....



පෝස්ට් එක කොහොමද ?



Monday, December 12, 2011

සඳවතට පෙම් බැද




රෑ අහස් ගැබේ..
රැහැයි නද පසදා..
මගේ තනියට හිදි
මගේ සඳ මඩල...

දිනිදු නික්ම යාමෙන්..
නගනා ලසෝ රාවය....
අසනා මගේ සිත..
රැයක් පුරා ඉකිගසයි හඬමින්...

හිරුද අහිමි ලොව
ඔබව එලිය කරනට
තරුවක් වූ මා හට
වරම් නොලද මුත්...

එදින් හදෙහි ලකල වූ..
සදාතනික සෙනෙහෙන්..
ඔබේ තනියට හිඳිනට..
දිවි තුරා මා සූදානම්....


පෝස්ට් එක කොහොමද ?



Thursday, November 24, 2011

යථාර්තය





සිතන්න තමන් ගැන..
ජීවිතයේ ලද
යම් විරාමයක..
"මම කවුදැයි? " කියා

ඉනික්බට..

කවුරුන් කෙසේ කීවද..
කුමක් කීවද..
නැතේ ඉන් පලක් වනුයේ..


කිමද...

අප අපව අදුනන නිසා...........



පෝස්ට් එක කොහොමද ?



Thursday, October 20, 2011

සුරඟන සිහිනය


දකින නෙත් පැහැරගත් රූපයෙන් වූ..
දුටිමි රූ බර ලදක් ඇසිපියන් ලූ..
මිහිමතේ නෑ රුවක් ඇය තරම් වූ..
ඒ ලෙසින් කුළුදුලේ මා පෙමින් ලූ..

කේශයන් දෙදණ තෙක් දික්වුනා වූ..
නිල් නෙතුත් දකින නෙත් සිරකරා වූ..
රත් පැහැ තොල් පිරෙයි හසකැනින් ලූ..
සිහි කලේ වීනසුන් දෙවිරදුන් ලූ..

පිරුනු ලැම තන්පටින් සැරසුනා වූ..
සිහිනිඟත් සේදයෙන් ගැවසුනාවූ..
මල් පබා පරදනා ලැසි ගමන් ලූ..
ඇගෙ රුවින් මත්ව මා හිටිවනින් ලූ..


පසු නොබා හනික මා පසු පසින් ලූ..
නොහැක ඈ ලංව බස් හිත බයයි ලූ..
කිම කරම් සිත සිතා යන ගමන් ලූ..
මල් පිපේ ඈ හැරී මද හසක් ලූ..

Wednesday, October 5, 2011

පැතුමක ඉරණම


අදින් දින කිහිපයකට පෙර..
ඇරඹුණු නැවුම් පැතුමකි..
එදින් හදෙහි ලකල වූ..
හැඟුම් පෙරටු කර..
එදෙස බලා සිටියෙමි..
දිවා රෑ නොබලා..

නමුදු..

පුරා මේ කල තුල..
තවම නිසලය එය..
එහෙයින් මා සිත..
මිථ්‍යාවක් පසුපසම
හමා යනවාදැයි..
නැතේ මා හට වැටහෙන්නේ...


පෝස්ට් එක කොහොමද ?






Tuesday, September 20, 2011

කුළුදුල් ප්‍රේමය




 


බසෙන් බැස මා යනෙන මොහොතේ..
ඇයව දුටුවෙමි දෙනෙත් හමුවේ...
සුරන් වන් ඔබේ රුවින් මහදේ..
ආල හැගුමන් ජනිත කෙරුනේ...

සිනිදු වරලස , සිහින් දෙනයන..
උමතු කරවිය මගේ හදවත...
ළැමද මැද පොත් ටිකත් සඟවන්..
මෙමා පසුකර සෙමින් ඇදුනිය...

සිදුවු දේ මා සිහියේ නැගුනේ..
එ දුටු සිතුවම හදේ ඇඳුනේ...
මොහොතකුත් නොගොසින්ම ඉන්පසු..
ඇගේ පසුපස මමත් ඇදුනේ...

අඩිය සැරයෙන් තබන මොහොතේ..
පදිකයෙකු මගේ ඇඟේ වැදුනේ...
නැවත ඔසවා.. බලනවිට හිස..
ඇගේ රුව නෑ දෙනෙත් දුටුවේ...

දෙපා පන නැති වගයි දැනුනේ..
කුමක් කරමියි නොමැත සිතුනේ...
සිතේ ඈ වෙත බැදුණු ප්‍රේමය..
සුණු විසුනු වන හඩයි ඇසුනේ...

යනෙන මග නෑ සිහියේ තිබුනේ..
පුරුදු ගමනින සෙමින් ඇදුනේ...
පන්තියට මා පමා වූ බව..
විසිල් හඩ මැද මටත් දැනුනේ...

පුටුව මත වී පොතය බැලුවේ..
නමුත් එහි ඈ රුවයි මැවුනේ...
අහම්බෙන් හිස හරවනා විට..
දුටිමි ඈ ළඟ අනෙක් පුටුවේ...

ඉබේ ක්ෂණිකෙන් මෙමා නැගිටින..
පොතත් හඬ දී.. බිම පතිත විය...
සියලු නෙත් මා දෙසට එද්දී...
වූවේ කිමදැයි මටද නොසිතින...

( To Be Continued )



පෝස්ට් එක කොහොමද ?





Saturday, September 3, 2011

අමාවකගේ ගීතය

  

අමාවක වෙමි අහසෙ සරනා...
ආල වඩමින් කාලෙ ගෙවනා..
මහද ගත් රූ සිතින් පතනා...
ඇයයි සදවත.. මපෙම් කරනා..


ගගනෙ දිදුලන තාරකාගෙන්..
අසා දැනගති ඔබේ රුව ගැන..
එහිදි මා සිතෙ ජනිත ආලය..
දිනෙන් දින එක ලෙසින් වැඩිවිය..

කෙමෙන් කෙම දින සතක් ගතවිය..
ඔබේ රුව හදෙ මැවෙන්නට විය...
වැලද මා ගත සනසවාලන...
පෙරුම් පිරු ඒ මොහොත ලංවිය...


සිහිල් පවනක් ගතේ දැවටින...
ඈත ඉම රශ්මියක් දිස්වින...
අහෝ !!! එහි පුදුමයක් සිදුවිය..
දෙනෙත් බොදවී.. ගත මිලින විය...

අසුරු සැනයෙන් මා අදිසි විය...
උනේ කිමදැයි මට පසක් විය...
ලොවේ ධර්මය සදා නියතය...
ඇගේ අභිමන.. මගේ නික්මිම..


සොබාදහමට එරෙහි වන්නට...
නොහැක අපහට සදා කිසි දින...
කිමද සොදුරිය ලොවේ සැම දින...
අමාවක ලග නොමැත සදවත...


පෝස්ට් එක කොහොමද ?







Sunday, July 17, 2011

බොරලන්දට ආවර්ජනයක්...





සුන්දර ගමකි බොරලන්දය නෙතු බදිනා...
කදු හෙල් තැනිතලා අතරින් එය තිබුනා..
තෙසති පුහුණු කාලෙට අපි එහි යැවුනා...
පොලීසිය නිසා තරමක් බිය තිබුනා...

ගිය මුල් දිනයේ අපි සිව් පසකට බෙදුනා...
ගජබා , ගැමුණු , කාශ්‍යප තිස්සත් තිබුනා
බිලට් වලදි අපි සැම හදුනා ගැනුනා...
රට වටේම මිතුරන් පිරිසක් ලැබුනා...

උදේ 5 ට බැන බැන අපි නැගිට්ටා..
PT , පැරඩ් ගොස් lectures ඇවිද්දා..
පුටුවේ නිදි කිරන් දේශන අහන්නා..
ගොඩක් සිටි බවත් මතකෙට නැගෙන්නා...

වෙලාවටම MESS එකේ අපි ඉදින්නේ..
එකම මෙනු , එකම ඩෙසර්ට් තිබෙන්නේ..
පොල් කුඩු සම්බොලේ හිනහී බලන්නේ..
දේශීය නිසයි අපි හැමදා ගිලින්නේ...

හයික් , ගිනිමැලත් ලෙසටම තියෙන්නේ...
fake , රියල් දෙකම අපිත් විදින්නේ...
කෙල්ලෝ , කොල්ලෝ එහෙදියි මුන ගැහෙන්නේ...
සුපිරි කියලා තම්යි සැවොම කියන්නේ...

දින විසි ගෙවිල අවසන් දිනයට ආවා...
පැරඩ් , සටන් සංදර්ශන නිම වූවා...
නායකයෙක් යැයි සහතිකයක් දුන්නා...
එහෙම දුන්නා නම් එහෙමයි මට සිතුනා…


එතෙක් කලක් උන් මිතුරන් දමාලා...
යන මොහොතෙදි.. නෙත් පොඩ්ඩක් තෙමීලා...
ඇඩ්රෙස් , ෆෝන් නම්බර් ටික ලියාලා..
නැවත ගියේ ඔවුන්ට අත වනාලා...

ගෙදර ගිහින් දැන් සතියක් ගෙවීලා..
නමුත් සිතින් බොරලන්දයේ කියාලා..
ඉමිහිරි මතක යලි සිහියට නගාලා..
ලිව්වෙමි පද වැලක් මතකය ලිහීලා...


පෝස්ට් එක කොහොමද ?






Friday, April 22, 2011

සෙනෙහසක අරුමය





ගණ අදුරේ.... සීත ‍රැයේ....
ඔබයි මමයි ගුලිවී සැතෙපුනෙමු....

ඔබේ වත මගේ තුරුලේ....
මා සීත දෙරණේ....

ලොවින් පිහිටක් නොලැබ....
සිතින් හඩනා අපි....

මවු සරණ ද අහිමි වූ....
අසරණ පූස් පැටවු වම්හ....


පෝස්ට් එක කොහොමද ?





Sunday, January 23, 2011

ලියතඔරා නොදුටිමි...



ලියතඹරා.. මුදු කුසුමකි ඈ..
තවුසන්ගේ දැහැ‍නේ සමවිඳිනා
නෑ ලෝකේ ජීවේ.. ඇයයි
නෑ ලෝකේ ජීවේ.. ඇයයි //


මායාව මායාව ලො‍ව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරේ පාවෙනා
වීණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවික ඇයයි


ලියතඹරා..


මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟු දැලකි නෙත් සරය සුමුදුයි
මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි


ලියතඹරා..


***************************************************************************************

මම මේ දවස්වල වැඩියෙන්ම අහන්නේ මේ සිංදුව... මොකද කියලා නම් දන්නේ නෑ.
ඒත් මේක පදවල ගැඹුරු තේරුමක් තියෙනවා කියලා මට හිතෙනවා.
අනික ටිකක් විතර හදවතට දැනෙන ගීතයක් .( ටිකක් කිව්වට මට නම් ඊට වැඩියි )..
මේ ගීතයේ ප්‍රධාන වශයෙන් verce 3 යි.. “ලියතඔරා ....” කියන verce එක දෙපාරක් repeat වෙනවා...


සමස්ථ ගීතයම සැලකුවොත් ප්‍රධාන verce එක ඇර අනිත් හැම verse එකකම මුල් පේලි දෙකෙන් යම්කිසි අත්භුත , අදෘශ්‍යමාන සිදුවීමක් කියවෙනවා...
" මායාව , සිහිනය , මිරිගුව හා සිතිජය " කියන වචන 4 න්ම ඒ බව පේනවා..

ඒත් ඒ verse වල අන්තිම පේලි 2 න් කියවද්දි මට හිතෙන්නෙ ඇගේ ලක්ෂණ තවත් කෙනෙකුගේ පැවැත්මට හේතු වෙලා කියලය්..
" මුදු ස්වරේ ඇයමයි " , " මධුවිත ඇයයි " , " නෙත් සරය සුමුදුයි " හා විශේෂයෙන්ම " මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි " කියන හැම කොටසකින්ම ඒක තහවුරු වෙනවා...

සමස්තයක් විදියට මගේ හැගීම ලියතඔරා කියන්නේ ඔහුට අහිමි හෝ කිසිදා නොලැබෙන... ඒත් ඔහුගේ පැවැත්මට එකම සාධකය කියලය්.
මොකද ගීතයේ අන්තිම පේලියෙන් " මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි " කියලා පද රචකයා කියනවා.
මුලු ගීතයම ඇහුවෙ නැතත් මේ පද පේලියෙන් කෙනෙකුට සමස්ථ ගීතයේ ම අරුත ගන්න පුළුවන්....

මම දන්නේ නෑ.. අනිත් අයට මේක කොහොම දැනෙනවාද කියලා.
මොකද එක් කෙනාගෙන් එක්කෙනාට රසව්න්දනය වෙනස නේ..

මේ සිංදුව බලන්න ඕන නම් මෙතන click කරන්න..

පෝස්ට් එක කොහොමද ?