දකින නෙත් පැහැරගත් රූපයෙන් වූ..
දුටිමි රූ බර ලදක් ඇසිපියන් ලූ..
මිහිමතේ නෑ රුවක් ඇය තරම් වූ..
ඒ ලෙසින් කුළුදුලේ මා පෙමින් ලූ..
කේශයන් දෙදණ තෙක් දික්වුනා වූ..
නිල් නෙතුත් දකින නෙත් සිරකරා වූ..
රත් පැහැ තොල් පිරෙයි හසකැනින් ලූ..
සිහි කලේ වීනසුන් දෙවිරදුන් ලූ..
පිරුනු ලැම තන්පටින් සැරසුනා වූ..
සිහිනිඟත් සේදයෙන් ගැවසුනාවූ..
මල් පබා පරදනා ලැසි ගමන් ලූ..
ඇගෙ රුවින් මත්ව මා හිටිවනින් ලූ..
පසු නොබා හනික මා පසු පසින් ලූ..
නොහැක ඈ ලංව බස් හිත බයයි ලූ..
කිම කරම් සිත සිතා යන ගමන් ලූ..
මල් පිපේ ඈ හැරී මද හසක් ලූ..