බසෙන් බැස මා යනෙන මොහොතේ..
ඇයව දුටුවෙමි දෙනෙත් හමුවේ...
සුරන් වන් ඔබේ රුවින් මහදේ..
ආල හැගුමන් ජනිත කෙරුනේ...
සිනිදු වරලස , සිහින් දෙනයන..
උමතු කරවිය මගේ හදවත...
ළැමද මැද පොත් ටිකත් සඟවන්..
මෙමා පසුකර සෙමින් ඇදුනිය...
සිදුවු දේ මා සිහියේ නැගුනේ..
එ දුටු සිතුවම හදේ ඇඳුනේ...
මොහොතකුත් නොගොසින්ම ඉන්පසු..
ඇගේ පසුපස මමත් ඇදුනේ...
අඩිය සැරයෙන් තබන මොහොතේ..
පදිකයෙකු මගේ ඇඟේ වැදුනේ...
නැවත ඔසවා.. බලනවිට හිස..
ඇගේ රුව නෑ දෙනෙත් දුටුවේ...
දෙපා පන නැති වගයි දැනුනේ..
කුමක් කරමියි නොමැත සිතුනේ...
සිතේ ඈ වෙත බැදුණු ප්‍රේමය..
සුණු විසුනු වන හඩයි ඇසුනේ...
යනෙන මග නෑ සිහියේ තිබුනේ..
පුරුදු ගමනින සෙමින් ඇදුනේ...
පන්තියට මා පමා වූ බව..
විසිල් හඩ මැද මටත් දැනුනේ...
පුටුව මත වී පොතය බැලුවේ..
නමුත් එහි ඈ රුවයි මැවුනේ...
අහම්බෙන් හිස හරවනා විට..
දුටිමි ඈ ළඟ අනෙක් පුටුවේ...
ඉබේ ක්ෂණිකෙන් මෙමා නැගිටින..
පොතත් හඬ දී.. බිම පතිත විය...
සියලු නෙත් මා දෙසට එද්දී...
වූවේ කිමදැයි මටද නොසිතින...
( To Be Continued )
( To Be Continued )
පෝස්ට් එක කොහොමද ?
එකවර සියල්ල ඉදිරිපත්කලානම් තමා අගේ
ReplyDelete@ලොකු ඡෝන්- එහෙම තමයි ලියන්න හිතුවේ.. ඒත් ලියන කොට දිග වැඩි වගේ දැනුනා.. :) කමෙන්ට් එකට ස්තූතියි...
ReplyDelete