Pages

Monday, June 4, 2012

ජීවිතයක මතක සටහන



නෙතින් නෙත හමුවන..
නිමේෂයකදි ලැගුම් අරගෙන..
පෙර කලෙක ඇරඹුන..
කුළුදුලේ බැඳි ආලේ සිහිවිය..

ආලේ අතිනත ගැනුම වූදා..
පුංචි පුතුගේ සිනහ දුටුදා..
පුතුගේ පුතු මා අතට ගත්දා..
මැවේ මතකය කඳුළු නංගා..

අතීතය සිහිනයක් පමණිය..
කරපු යුතුකම් ගගට ඉණි විය..
දිවියෙ අවසන් මොහොත ගෙවනා
මෙමා තනිවම මහලු මඩමෙය..



පෝස්ට් එක කොහොමද ?



Wednesday, April 11, 2012

ආදරය මෙයයි..


මේක මගේ හොදම යාළුවෙක් එයාගේ ගැහැණු ළමයට ලියපු එකක්.. :)
මේක මට හම්බ වුනා කියලා මගේ යාළුවාවත් දන්නේ නෑ..
තේරුම අතින් ගොඩක් හොඳ හින්දායි මම මගේ බ්ලොග් එකට මේක ඇතුල් කලේ.. රසවින්දනයට භාෂා ප්‍රශ්නයක් නෑ නේ.. ;)


පෝස්ට් එක කොහොමද ?

Sunday, March 18, 2012

පුනරාගමනය


ජීවිතයට වඩා වැඩි..
බැඳීමක් හදේ රදවා..
ඇරඹුණු ඒ කතාවේ..
අවසානය කඳුලක් උනු..

පැතූ ඒ පැතුම්..
රොන්සුනු වලට පණ නොදී..
හිතුවක්කාර අතීතයක..
නශ්ඨාවශේෂ
මතින් නැගිටිනා..


ෆීනික්ස් කුරුල්ලෙකු සේ..
අවදිවවු සැනෙකින්..
කරුණු කොයි යම් වුවත්..
කුරිරු මේ ලොව තුල..
යලිත් පසු නොබසිනා..
අරමුණක් උදෙසා..


මේක මම ලිව්වේ මගේ හොදම යාළුවෙක් වෙනුවෙන්..
ඒ වගේම හිතනවා වැඩේ සාර්ථක වෙයි කියලා.. :)

Sunday, February 12, 2012

සංසාරය හා අප




මොහොතක හැඟුමන්
පෙරටු කොට..
නොලැබෙන දෙයක් වෙත
ලොබ බදිනා...
ජීවිතය අගය...
හරි හැටි තේරුම් නොගත්...
පෘථක්ජන මිනිසුන් වෙමු....
මේ සංසාරයේ සරනා
ඔබ හා අප.....


පෝස්ට් එක කොහොමද ?