Pages

Friday, February 10, 2012

කුළුදුල් කාව්‍යය




හැඟුම් පරයා නැගෙන..
හදේ ලකල සිතිවිලි..
පුංචි සමනල තටුවක..
තෙලි තුඩින් සිත්තම් කර..
හමා එන මද සුලගේ..
ඔබේ ඉසව්වට..
පා කර හරින්නම්.....

සොඳුර ඔබ හට..
මගේ දිවියේ..
එලෙස ලියලූ..
පළමු පෙම් කව....



පෝස්ට් එක කොහොමද ?

Sunday, February 5, 2012

කවුදෝ ඔබ...



ඔබ කවුදැයි..
ඔබ කවුදැයි..
අසනා විට තවකෙක්..
දිව යුතු පිළිතුරක්
නොමැතිව..
මා ලතවන මොහොතක..

සිහිවිය.. සිහිවිය..
කිව යුතු යමක්..
ඔබටම සරිලන..
ඔබටම ගැලපෙන..

එලෙසින් සිතු දේ
මනසට වැටහෙන..
සියුමැලි බසකින්..
පැවසුවොතින් නම්..

හදවතට රිදුම් දෙන..
බෝල්ට් ඇණ දහසක් අතරට..
අහම්බෙන් පැමිණි..
තවත් එක්
මලකඩ ඇණයකි ඔබ..



පෝස්ට් එක කොහොමද ?