Pages

Sunday, January 15, 2012

ඔබ



පිපාසිත හදක පවස නිවනා
සිහිල් දිය දහරයි.. ඔබ..
දිය බිඳක් නොමැති කතරට වැටෙනා
සිහින් පොද වැස්සයි.. ඔබ..
විඩාබර සිතක් පහන් කරනා
සුමුදු හසකැනයි.. ඔබ..
නොනිමි වූ කවියකට පබදින
අවසාන පදයයි.. ඔබ..

අළුයමේ මිහිමතට වැටෙනා
ප්‍රථම අරුණැලියි.. ඔබ..
නිමක් නොපෙනෙනා රෑ අහසේ ඇති
එකම සඳවතයි.. ඔබ..
රෝසමල් යායකම පීදෙනා
එකම පිපි කුසුමයි.. ඔබ..
අරමුණක් නොමැති මා දිවියේ ඇති
එකම අරමුණයි.. ඔබ..


පෝස්ට් එක කොහොමද ?