Pages

Showing posts with label කවි හා නිසදැස්. Show all posts
Showing posts with label කවි හා නිසදැස්. Show all posts

Thursday, January 10, 2013

සැබෑ ජීවිතය







දහසක් වූ බලාපොරොත්තු 
හැකි පමණ පොදි බැදැන් 
ඇරඹුනු ජීවිතය තුල..
කාලයට බාරදුන්නා වූ..
පිලිතුරක් නොමැති පැනයට..
තවත් පිළිතුරු නොමැති නම්..
සිත සිතා තැවි තැවී..
තවත් කල් ගෙවනු කිම..
වැටි වැටී හෝ යා යුතු
බොහෝ දුර තව ඇති බැවින්..



පෝස්ට් එක කොහොමද ?



Saturday, September 29, 2012

සැබෑ මිතුරන්




ජිවිතය වෙනස් වේ..
මිනිසුන් හමුවේ.. යලි නැතිවේ..


බොහෝ අය තම වැඩේ කරගනිති..
ඉන්පසු නික්ම යයි..
සමහරුන් බොරු කියති.. රවටති..
පසුව සෙමින් ඈත්වේ.. 
තවත් යමෙක් සිනාසෙයි..
නමුත් හදවතින් වෛර කරයි..

ඒ මේ කොයි කවුරුන් 

කිනම් දේ කලත්..
කිසිදා වෙනස් නොවන
යම් පිරිසක්..
අපගේ ජීවිතයේ ඉතිරි වේ..
අපට සදා සවියක් වන ඔවුන්
නමින් සැබෑ මිතුරන්ය..




පෝස්ට් එක කොහොමද ?



Friday, September 21, 2012

අහිමි ආලය


මම මේක ලිව්වේ මට මතක විදියට 2010 නොවැම්බර් වල වගේ.. 
ටිකක් දිගට තිබ්බට මොකද කෙනෙක්ගේ සම්පූර්ණ කතාවක් මට හිතුන විදියට ලිව්වම මෙහෙම තමයි ලියවිලා තිබ්බේ.. :)






කාලයක් තිබිණ......
මෙමා ඔබ හට 
සිතින් පෙම් කල.......

නමුත් එය බොද විය.......
ඔබගෙ දිවියට
කෙනෙක් පැමිණින..

කාලෙ ගතවිය.......
ඔබද මාද 
හොද මිතුරො මෙන් විය.......
සෑම දිනකම.......
ඔබගෙ පෙම හට 
මෙමා සවි විය.......

දිනක් නොසිතුව.......
ලෙසින් ඔහු ඔබ
දමා පැනගිය.......
සිතින් මියගිය.......
ඔබේ දේහය
සොවින් වැලපිණ.......

නැවත සැදුමට.......
බිදුනු ආලය 
ඔහුගෙ ඔබ වෙත.......
දරුව තැත මා.......
මගේ වදනින්
ඔබත් දනිතිය.......

නමුදු නොහැකිය.......
යලිත් එය
පිලිසකර කෙරුමට.......
දුනිමි ධෛර්යය.......
මෙලොව තුල යලි
නොවැටි සිටුමට.......

කාලෙ ගතවින.......
නැවත හද තුල
පෙමක් දළුලිය.......
නමුත් නොහැකිය.......
කෙලෙස හෝ එය
ඔබට කියුමට.......

Sunday, August 26, 2012

මිරිගුව




කුණාටු වැලි කතරේ
මියෙදෙන දිවියකට..
සුලු මොහොතක සුවයක්
ලැබදෙන අරුමෙක..

එහින් ලද පන්නරයෙන්..
පැතු පැතුම් අතැතිව..
හති අරිනා නිමේෂයේද
ලුහු බඳිනා එම මිරිගුව..

ලොවටම පෙනෙනා සේ
නෙත් හමුවේ මැවී ඇතත්..
පසු පස යන්නාට මිසක..
අන් අයට එහි අරුම නොවැටහේ..


පෝස්ට් එක කොහොමද ?



Monday, June 4, 2012

ජීවිතයක මතක සටහන



නෙතින් නෙත හමුවන..
නිමේෂයකදි ලැගුම් අරගෙන..
පෙර කලෙක ඇරඹුන..
කුළුදුලේ බැඳි ආලේ සිහිවිය..

ආලේ අතිනත ගැනුම වූදා..
පුංචි පුතුගේ සිනහ දුටුදා..
පුතුගේ පුතු මා අතට ගත්දා..
මැවේ මතකය කඳුළු නංගා..

අතීතය සිහිනයක් පමණිය..
කරපු යුතුකම් ගගට ඉණි විය..
දිවියෙ අවසන් මොහොත ගෙවනා
මෙමා තනිවම මහලු මඩමෙය..



පෝස්ට් එක කොහොමද ?



Sunday, March 18, 2012

පුනරාගමනය


ජීවිතයට වඩා වැඩි..
බැඳීමක් හදේ රදවා..
ඇරඹුණු ඒ කතාවේ..
අවසානය කඳුලක් උනු..

පැතූ ඒ පැතුම්..
රොන්සුනු වලට පණ නොදී..
හිතුවක්කාර අතීතයක..
නශ්ඨාවශේෂ
මතින් නැගිටිනා..


ෆීනික්ස් කුරුල්ලෙකු සේ..
අවදිවවු සැනෙකින්..
කරුණු කොයි යම් වුවත්..
කුරිරු මේ ලොව තුල..
යලිත් පසු නොබසිනා..
අරමුණක් උදෙසා..


මේක මම ලිව්වේ මගේ හොදම යාළුවෙක් වෙනුවෙන්..
ඒ වගේම හිතනවා වැඩේ සාර්ථක වෙයි කියලා.. :)

Sunday, February 12, 2012

සංසාරය හා අප




මොහොතක හැඟුමන්
පෙරටු කොට..
නොලැබෙන දෙයක් වෙත
ලොබ බදිනා...
ජීවිතය අගය...
හරි හැටි තේරුම් නොගත්...
පෘථක්ජන මිනිසුන් වෙමු....
මේ සංසාරයේ සරනා
ඔබ හා අප.....


පෝස්ට් එක කොහොමද ?

Friday, February 10, 2012

කුළුදුල් කාව්‍යය




හැඟුම් පරයා නැගෙන..
හදේ ලකල සිතිවිලි..
පුංචි සමනල තටුවක..
තෙලි තුඩින් සිත්තම් කර..
හමා එන මද සුලගේ..
ඔබේ ඉසව්වට..
පා කර හරින්නම්.....

සොඳුර ඔබ හට..
මගේ දිවියේ..
එලෙස ලියලූ..
පළමු පෙම් කව....



පෝස්ට් එක කොහොමද ?

Sunday, February 5, 2012

කවුදෝ ඔබ...



ඔබ කවුදැයි..
ඔබ කවුදැයි..
අසනා විට තවකෙක්..
දිව යුතු පිළිතුරක්
නොමැතිව..
මා ලතවන මොහොතක..

සිහිවිය.. සිහිවිය..
කිව යුතු යමක්..
ඔබටම සරිලන..
ඔබටම ගැලපෙන..

එලෙසින් සිතු දේ
මනසට වැටහෙන..
සියුමැලි බසකින්..
පැවසුවොතින් නම්..

හදවතට රිදුම් දෙන..
බෝල්ට් ඇණ දහසක් අතරට..
අහම්බෙන් පැමිණි..
තවත් එක්
මලකඩ ඇණයකි ඔබ..



පෝස්ට් එක කොහොමද ?

Sunday, January 22, 2012

සඳක අවසන් පැතුම



සඳ තරුකැට දිදුලන
අපගේ රාත්‍රියේ..

සිනහෙන පුංචි තරුවකට..
කුළුදුලේ පෑ ආල හැඟුමෙන්..
අඬගැසුවෙමි..
මේ අහස් ගැබ තුල
සදාතනික ප්‍රේමයක් උදෙසා..

නමුදු..

එ සොඳුරු තාරකාවෙන්..
නොලද රිසි පිළිතුරෙන්..
එතෙක් ලොව සැනහූ
මගේ සඳ කිරණද අවමව..
නැවත නො එනා එම..
ආලයේ කොමාවට
අවසානයේ තිත තබන ලදී...


පෝස්ට් එක කොහොමද ?



Sunday, January 15, 2012

ඔබ



පිපාසිත හදක පවස නිවනා
සිහිල් දිය දහරයි.. ඔබ..
දිය බිඳක් නොමැති කතරට වැටෙනා
සිහින් පොද වැස්සයි.. ඔබ..
විඩාබර සිතක් පහන් කරනා
සුමුදු හසකැනයි.. ඔබ..
නොනිමි වූ කවියකට පබදින
අවසාන පදයයි.. ඔබ..

අළුයමේ මිහිමතට වැටෙනා
ප්‍රථම අරුණැලියි.. ඔබ..
නිමක් නොපෙනෙනා රෑ අහසේ ඇති
එකම සඳවතයි.. ඔබ..
රෝසමල් යායකම පීදෙනා
එකම පිපි කුසුමයි.. ඔබ..
අරමුණක් නොමැති මා දිවියේ ඇති
එකම අරමුණයි.. ඔබ..


පෝස්ට් එක කොහොමද ?



Tuesday, December 27, 2011

මොහොතක අරුමය



දිනෙන දින මඩනා ..
හදේ සිතුවිලි ...
වියැකී යන..
එවන් මොහොතක..

පුරා මේ කල..
නොදුටු ඔබ රුව.
මනසේ ඇදී.....
මැකේ විගසින්...

යලිදු සිහියට..
නැගෙන විට ඔබ...
මගේ දෙනයන.
වැසී අවසන....

එනමුදු එය..
සදාකල් නොව..
මෙමා පිබිදෙන..
නිමේශයකට පමණි....



පෝස්ට් එක කොහොමද ?



Monday, December 12, 2011

සඳවතට පෙම් බැද




රෑ අහස් ගැබේ..
රැහැයි නද පසදා..
මගේ තනියට හිදි
මගේ සඳ මඩල...

දිනිදු නික්ම යාමෙන්..
නගනා ලසෝ රාවය....
අසනා මගේ සිත..
රැයක් පුරා ඉකිගසයි හඬමින්...

හිරුද අහිමි ලොව
ඔබව එලිය කරනට
තරුවක් වූ මා හට
වරම් නොලද මුත්...

එදින් හදෙහි ලකල වූ..
සදාතනික සෙනෙහෙන්..
ඔබේ තනියට හිඳිනට..
දිවි තුරා මා සූදානම්....


පෝස්ට් එක කොහොමද ?



Thursday, November 24, 2011

යථාර්තය





සිතන්න තමන් ගැන..
ජීවිතයේ ලද
යම් විරාමයක..
"මම කවුදැයි? " කියා

ඉනික්බට..

කවුරුන් කෙසේ කීවද..
කුමක් කීවද..
නැතේ ඉන් පලක් වනුයේ..


කිමද...

අප අපව අදුනන නිසා...........



පෝස්ට් එක කොහොමද ?



Thursday, October 20, 2011

සුරඟන සිහිනය


දකින නෙත් පැහැරගත් රූපයෙන් වූ..
දුටිමි රූ බර ලදක් ඇසිපියන් ලූ..
මිහිමතේ නෑ රුවක් ඇය තරම් වූ..
ඒ ලෙසින් කුළුදුලේ මා පෙමින් ලූ..

කේශයන් දෙදණ තෙක් දික්වුනා වූ..
නිල් නෙතුත් දකින නෙත් සිරකරා වූ..
රත් පැහැ තොල් පිරෙයි හසකැනින් ලූ..
සිහි කලේ වීනසුන් දෙවිරදුන් ලූ..

පිරුනු ලැම තන්පටින් සැරසුනා වූ..
සිහිනිඟත් සේදයෙන් ගැවසුනාවූ..
මල් පබා පරදනා ලැසි ගමන් ලූ..
ඇගෙ රුවින් මත්ව මා හිටිවනින් ලූ..


පසු නොබා හනික මා පසු පසින් ලූ..
නොහැක ඈ ලංව බස් හිත බයයි ලූ..
කිම කරම් සිත සිතා යන ගමන් ලූ..
මල් පිපේ ඈ හැරී මද හසක් ලූ..

Wednesday, October 5, 2011

පැතුමක ඉරණම


අදින් දින කිහිපයකට පෙර..
ඇරඹුණු නැවුම් පැතුමකි..
එදින් හදෙහි ලකල වූ..
හැඟුම් පෙරටු කර..
එදෙස බලා සිටියෙමි..
දිවා රෑ නොබලා..

නමුදු..

පුරා මේ කල තුල..
තවම නිසලය එය..
එහෙයින් මා සිත..
මිථ්‍යාවක් පසුපසම
හමා යනවාදැයි..
නැතේ මා හට වැටහෙන්නේ...


පෝස්ට් එක කොහොමද ?






Tuesday, September 20, 2011

කුළුදුල් ප්‍රේමය




 


බසෙන් බැස මා යනෙන මොහොතේ..
ඇයව දුටුවෙමි දෙනෙත් හමුවේ...
සුරන් වන් ඔබේ රුවින් මහදේ..
ආල හැගුමන් ජනිත කෙරුනේ...

සිනිදු වරලස , සිහින් දෙනයන..
උමතු කරවිය මගේ හදවත...
ළැමද මැද පොත් ටිකත් සඟවන්..
මෙමා පසුකර සෙමින් ඇදුනිය...

සිදුවු දේ මා සිහියේ නැගුනේ..
එ දුටු සිතුවම හදේ ඇඳුනේ...
මොහොතකුත් නොගොසින්ම ඉන්පසු..
ඇගේ පසුපස මමත් ඇදුනේ...

අඩිය සැරයෙන් තබන මොහොතේ..
පදිකයෙකු මගේ ඇඟේ වැදුනේ...
නැවත ඔසවා.. බලනවිට හිස..
ඇගේ රුව නෑ දෙනෙත් දුටුවේ...

දෙපා පන නැති වගයි දැනුනේ..
කුමක් කරමියි නොමැත සිතුනේ...
සිතේ ඈ වෙත බැදුණු ප්‍රේමය..
සුණු විසුනු වන හඩයි ඇසුනේ...

යනෙන මග නෑ සිහියේ තිබුනේ..
පුරුදු ගමනින සෙමින් ඇදුනේ...
පන්තියට මා පමා වූ බව..
විසිල් හඩ මැද මටත් දැනුනේ...

පුටුව මත වී පොතය බැලුවේ..
නමුත් එහි ඈ රුවයි මැවුනේ...
අහම්බෙන් හිස හරවනා විට..
දුටිමි ඈ ළඟ අනෙක් පුටුවේ...

ඉබේ ක්ෂණිකෙන් මෙමා නැගිටින..
පොතත් හඬ දී.. බිම පතිත විය...
සියලු නෙත් මා දෙසට එද්දී...
වූවේ කිමදැයි මටද නොසිතින...

( To Be Continued )



පෝස්ට් එක කොහොමද ?





Saturday, September 3, 2011

අමාවකගේ ගීතය

  

අමාවක වෙමි අහසෙ සරනා...
ආල වඩමින් කාලෙ ගෙවනා..
මහද ගත් රූ සිතින් පතනා...
ඇයයි සදවත.. මපෙම් කරනා..


ගගනෙ දිදුලන තාරකාගෙන්..
අසා දැනගති ඔබේ රුව ගැන..
එහිදි මා සිතෙ ජනිත ආලය..
දිනෙන් දින එක ලෙසින් වැඩිවිය..

කෙමෙන් කෙම දින සතක් ගතවිය..
ඔබේ රුව හදෙ මැවෙන්නට විය...
වැලද මා ගත සනසවාලන...
පෙරුම් පිරු ඒ මොහොත ලංවිය...


සිහිල් පවනක් ගතේ දැවටින...
ඈත ඉම රශ්මියක් දිස්වින...
අහෝ !!! එහි පුදුමයක් සිදුවිය..
දෙනෙත් බොදවී.. ගත මිලින විය...

අසුරු සැනයෙන් මා අදිසි විය...
උනේ කිමදැයි මට පසක් විය...
ලොවේ ධර්මය සදා නියතය...
ඇගේ අභිමන.. මගේ නික්මිම..


සොබාදහමට එරෙහි වන්නට...
නොහැක අපහට සදා කිසි දින...
කිමද සොදුරිය ලොවේ සැම දින...
අමාවක ලග නොමැත සදවත...


පෝස්ට් එක කොහොමද ?







Sunday, July 17, 2011

බොරලන්දට ආවර්ජනයක්...





සුන්දර ගමකි බොරලන්දය නෙතු බදිනා...
කදු හෙල් තැනිතලා අතරින් එය තිබුනා..
තෙසති පුහුණු කාලෙට අපි එහි යැවුනා...
පොලීසිය නිසා තරමක් බිය තිබුනා...

ගිය මුල් දිනයේ අපි සිව් පසකට බෙදුනා...
ගජබා , ගැමුණු , කාශ්‍යප තිස්සත් තිබුනා
බිලට් වලදි අපි සැම හදුනා ගැනුනා...
රට වටේම මිතුරන් පිරිසක් ලැබුනා...

උදේ 5 ට බැන බැන අපි නැගිට්ටා..
PT , පැරඩ් ගොස් lectures ඇවිද්දා..
පුටුවේ නිදි කිරන් දේශන අහන්නා..
ගොඩක් සිටි බවත් මතකෙට නැගෙන්නා...

වෙලාවටම MESS එකේ අපි ඉදින්නේ..
එකම මෙනු , එකම ඩෙසර්ට් තිබෙන්නේ..
පොල් කුඩු සම්බොලේ හිනහී බලන්නේ..
දේශීය නිසයි අපි හැමදා ගිලින්නේ...

හයික් , ගිනිමැලත් ලෙසටම තියෙන්නේ...
fake , රියල් දෙකම අපිත් විදින්නේ...
කෙල්ලෝ , කොල්ලෝ එහෙදියි මුන ගැහෙන්නේ...
සුපිරි කියලා තම්යි සැවොම කියන්නේ...

දින විසි ගෙවිල අවසන් දිනයට ආවා...
පැරඩ් , සටන් සංදර්ශන නිම වූවා...
නායකයෙක් යැයි සහතිකයක් දුන්නා...
එහෙම දුන්නා නම් එහෙමයි මට සිතුනා…


එතෙක් කලක් උන් මිතුරන් දමාලා...
යන මොහොතෙදි.. නෙත් පොඩ්ඩක් තෙමීලා...
ඇඩ්රෙස් , ෆෝන් නම්බර් ටික ලියාලා..
නැවත ගියේ ඔවුන්ට අත වනාලා...

ගෙදර ගිහින් දැන් සතියක් ගෙවීලා..
නමුත් සිතින් බොරලන්දයේ කියාලා..
ඉමිහිරි මතක යලි සිහියට නගාලා..
ලිව්වෙමි පද වැලක් මතකය ලිහීලා...


පෝස්ට් එක කොහොමද ?






Friday, April 22, 2011

සෙනෙහසක අරුමය





ගණ අදුරේ.... සීත ‍රැයේ....
ඔබයි මමයි ගුලිවී සැතෙපුනෙමු....

ඔබේ වත මගේ තුරුලේ....
මා සීත දෙරණේ....

ලොවින් පිහිටක් නොලැබ....
සිතින් හඩනා අපි....

මවු සරණ ද අහිමි වූ....
අසරණ පූස් පැටවු වම්හ....


පෝස්ට් එක කොහොමද ?