Pages

Friday, September 21, 2012

අහිමි ආලය


මම මේක ලිව්වේ මට මතක විදියට 2010 නොවැම්බර් වල වගේ.. 
ටිකක් දිගට තිබ්බට මොකද කෙනෙක්ගේ සම්පූර්ණ කතාවක් මට හිතුන විදියට ලිව්වම මෙහෙම තමයි ලියවිලා තිබ්බේ.. :)






කාලයක් තිබිණ......
මෙමා ඔබ හට 
සිතින් පෙම් කල.......

නමුත් එය බොද විය.......
ඔබගෙ දිවියට
කෙනෙක් පැමිණින..

කාලෙ ගතවිය.......
ඔබද මාද 
හොද මිතුරො මෙන් විය.......
සෑම දිනකම.......
ඔබගෙ පෙම හට 
මෙමා සවි විය.......

දිනක් නොසිතුව.......
ලෙසින් ඔහු ඔබ
දමා පැනගිය.......
සිතින් මියගිය.......
ඔබේ දේහය
සොවින් වැලපිණ.......

නැවත සැදුමට.......
බිදුනු ආලය 
ඔහුගෙ ඔබ වෙත.......
දරුව තැත මා.......
මගේ වදනින්
ඔබත් දනිතිය.......

නමුදු නොහැකිය.......
යලිත් එය
පිලිසකර කෙරුමට.......
දුනිමි ධෛර්යය.......
මෙලොව තුල යලි
නොවැටි සිටුමට.......

කාලෙ ගතවින.......
නැවත හද තුල
පෙමක් දළුලිය.......
නමුත් නොහැකිය.......
කෙලෙස හෝ එය
ඔබට කියුමට.......

ඔබව රැකුමට.......
ඇතේ මා හද
පෙරුම් පුරමින.......
නමුදු කෙදිනක.......
ලබන්දෝ මා
ඔබේ බහ මට.......

මෙමා නොදනින.......
සිතේ වන් මෙම
පෙමේ අවසන.......
නමුත් නොමැතිය.......
ලැබුම ඔබ 
කවදාක කෙදිනක.......


පෝස්ට් එක කොහොමද ?



6 comments:

ඔයාට මේක ගැන මොනවද හිතුනේ කියලා වෙලා තියෙනව නම් ලියලා යන්න.. :)