Pages

Sunday, January 23, 2011

ලියතඔරා නොදුටිමි...



ලියතඹරා.. මුදු කුසුමකි ඈ..
තවුසන්ගේ දැහැ‍නේ සමවිඳිනා
නෑ ලෝකේ ජීවේ.. ඇයයි
නෑ ලෝකේ ජීවේ.. ඇයයි //


මායාව මායාව ලො‍ව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරේ පාවෙනා
වීණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවික ඇයයි


ලියතඹරා..


මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟු දැලකි නෙත් සරය සුමුදුයි
මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි


ලියතඹරා..


***************************************************************************************

මම මේ දවස්වල වැඩියෙන්ම අහන්නේ මේ සිංදුව... මොකද කියලා නම් දන්නේ නෑ.
ඒත් මේක පදවල ගැඹුරු තේරුමක් තියෙනවා කියලා මට හිතෙනවා.
අනික ටිකක් විතර හදවතට දැනෙන ගීතයක් .( ටිකක් කිව්වට මට නම් ඊට වැඩියි )..
මේ ගීතයේ ප්‍රධාන වශයෙන් verce 3 යි.. “ලියතඔරා ....” කියන verce එක දෙපාරක් repeat වෙනවා...


සමස්ථ ගීතයම සැලකුවොත් ප්‍රධාන verce එක ඇර අනිත් හැම verse එකකම මුල් පේලි දෙකෙන් යම්කිසි අත්භුත , අදෘශ්‍යමාන සිදුවීමක් කියවෙනවා...
" මායාව , සිහිනය , මිරිගුව හා සිතිජය " කියන වචන 4 න්ම ඒ බව පේනවා..

ඒත් ඒ verse වල අන්තිම පේලි 2 න් කියවද්දි මට හිතෙන්නෙ ඇගේ ලක්ෂණ තවත් කෙනෙකුගේ පැවැත්මට හේතු වෙලා කියලය්..
" මුදු ස්වරේ ඇයමයි " , " මධුවිත ඇයයි " , " නෙත් සරය සුමුදුයි " හා විශේෂයෙන්ම " මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි " කියන හැම කොටසකින්ම ඒක තහවුරු වෙනවා...

සමස්තයක් විදියට මගේ හැගීම ලියතඔරා කියන්නේ ඔහුට අහිමි හෝ කිසිදා නොලැබෙන... ඒත් ඔහුගේ පැවැත්මට එකම සාධකය කියලය්.
මොකද ගීතයේ අන්තිම පේලියෙන් " මගේ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි " කියලා පද රචකයා කියනවා.
මුලු ගීතයම ඇහුවෙ නැතත් මේ පද පේලියෙන් කෙනෙකුට සමස්ථ ගීතයේ ම අරුත ගන්න පුළුවන්....

මම දන්නේ නෑ.. අනිත් අයට මේක කොහොම දැනෙනවාද කියලා.
මොකද එක් කෙනාගෙන් එක්කෙනාට රසව්න්දනය වෙනස නේ..

මේ සිංදුව බලන්න ඕන නම් මෙතන click කරන්න..

පෝස්ට් එක කොහොමද ?




2 comments:

  1. මාත් මාර ආස song 1ක්. ආදරේ හිතට දැනුනම පිස්සු හැදෙනවා බන්. ඔය ලෙඩේට බෙහෙත් නැ.

    ReplyDelete
  2. ඒකත් ඇත්ත..
    මේ සිංදුව අහන ආදරය කරපු , නොකරපු ඕන කෙනෙක් ගේ හිතට ඒ වග හොදට දැනෙනවා.
    Comment එකට ස්තූතියි...

    ReplyDelete

ඔයාට මේක ගැන මොනවද හිතුනේ කියලා වෙලා තියෙනව නම් ලියලා යන්න.. :)