සොඳුරු ඉසව්ව
....හද පතුලේ රෑදි දේ කවියක් ලෙසින්..........
Pages
Friday, February 10, 2012
කුළුදුල් කාව්‍යය
හැඟුම් පරයා නැගෙන..
හදේ ලකල සිතිවිලි..
පුංචි සමනල තටුවක..
තෙලි තුඩින් සිත්තම් කර..
හමා එන මද සුලගේ..
ඔබේ ඉසව්වට..
පා කර හරින්නම්.....
සොඳුර ඔබ හට..
මගේ දිවියේ..
එලෙස ලියලූ..
පළමු පෙම් කව....
පෝස්ට් එක කොහොමද ?
Sunday, February 5, 2012
කවුදෝ ඔබ...
ඔබ කවුදැයි..
ඔබ කවුදැයි..
අසනා විට තවකෙක්..
දිව යුතු පිළිතුරක්
නොමැතිව..
මා ලතවන මොහොතක..
සිහිවිය.. සිහිවිය..
කිව යුතු යමක්..
ඔබටම සරිලන..
ඔබටම ගැලපෙන..
එලෙසින් සිතු දේ
මනසට වැටහෙන..
සියුමැලි බසකින්..
පැවසුවොතින් නම්..
හදවතට රිදුම් දෙන..
බෝල්ට් ඇණ දහසක් අතරට..
අහම්බෙන් පැමිණි..
තවත් එක්
මලකඩ ඇණයකි ඔබ..
පෝස්ට් එක කොහොමද ?
Sunday, January 22, 2012
සඳක අවසන් පැතුම
සඳ තරුකැට දිදුලන
අපගේ රාත්‍රියේ..
සිනහෙන පුංචි තරුවකට..
කුළුදුලේ පෑ ආල හැඟුමෙන්..
අඬගැසුවෙමි..
මේ අහස් ගැබ තුල
සදාතනික ප්‍රේමයක් උදෙසා..
නමුදු..
එ සොඳුරු තාරකාවෙන්..
නොලද රිසි පිළිතුරෙන්..
එතෙක් ලොව සැනහූ
මගේ සඳ කිරණද අවමව..
නැවත නො එනා එම..
ආලයේ
කොමාවට
අවසානයේ තිත
තබන ලදී...
පෝස්ට් එක කොහොමද ?
Sunday, January 15, 2012
ඔබ
පිපාසිත හදක පවස නිවනා
සිහිල් දිය දහරයි..
ඔබ
..
දිය බිඳක් නොමැති කතරට වැටෙනා
සිහින් පොද වැස්සයි..
ඔබ
..
විඩාබර සිතක් පහන් කරනා
සුමුදු හසකැනයි..
ඔබ
..
නොනිමි වූ කවියකට පබදින
අවසාන පදයයි..
ඔබ
..
අළුයමේ මිහිමතට වැටෙනා
ප්‍රථම අරුණැලියි..
ඔබ
..
නිමක් නොපෙනෙනා රෑ අහසේ ඇති
එකම සඳවතයි..
ඔබ
..
රෝසමල් යායකම පීදෙනා
එකම පිපි කුසුමයි..
ඔබ
..
අරමුණක් නොමැති මා දිවියේ ඇති
එකම අරමුණයි..
ඔබ
..
පෝස්ට් එක කොහොමද ?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)